"මීදුම් දුමාරයේ" පද රචනය කාෙගද කියලනම් හොයාගන්න බැරි උනා. කාෙග උනත් බොහොම සන්දර වගේම අර්ථවත් පද අැමුණුමක් ඒ ගීතයෙ තිබුනා. කොහොමත් කසුන් කල්හාර දැන් ඉන්න බොහොමයක් නවක ගායක ගායිකාවන් වගේ අරුත් සුන් 'සින්තටික්' සින්දු කියන්නේ නැහැනේ. කසුන් ගැන වචනයක් ලියන්නම ඕෙන කියලා හිතුනේ ඔන්න ඔය හේතුව නිසාම තමයි. ගීත වල විතරක් නෙමෙයි පුද්ගලිකවත් කසුන් තුල මේ වියත් බව පේන්න තියෙනවා. විශේෂයෙන් සම්මුඛ සාකච්චා වලට අාවහම කසුන් වෙනත් අාධුනිකයින් වගේ 'පොර ටෝක්ස්' දෙන්නේ නෑ. හැබැයි තමන්ට කියන්න ඕන දේ එලිපිටම කියනවා. අැත්තටම කසුන් වගේ නිර්ව්‍යාජ, පොලොවේ පය ගහලා ජීවත් වෙන අය කෙලින් කතා කරන්න බය වෙන්න ඕනෙ නැහැ.බොලඳ පද රචනා රැගත්, අඩ නිරුවත් රූප රචනා සහිත (ගීතය ජනප්‍රිය කිරීමට යොදාගත්), ඉංග්‍රීසි හෝ සිංහල රැප් කෑල්ලක් දාගත්ත, නිර්මාණාත්මක සහ අර්ථාන්විත බවින් තොර "බොම්බයි මොටයි" ගීත බිහිවන අද කාලේ, කසුන් කල්හාර වැනි අයගේ නිර්මාණ, කතරට වැහැපු වැස්සක් වගේ. හැබැයි මේ නිරුදක කතර කෙම් බිමක් වෙන්න නම් ඒ වැස්ස දිගටම වහින්න ඕනෙ.
1 comment:
මෙන්න ගීතයේ පද රචනාව.
http://www.lyricslk.com/MeedumDumarayen.ashx
මාත් දැඩිසේ ඇළුම් කරන ගායකයෙක් තමයි මේ.
Post a Comment