Wednesday, February 27, 2008

මගෙ පුතේ..



Monday, February 25, 2008

අනේ කාලේ ලංකාවේ වාසේ...

ලංකාවේ දේශපාලනය කියන්නේ කතා කරන්න අකමැතිම, අප්‍රසන්නම මාත්‍රුකාවක්. ඒ තරමටම ඒක තිත්ත වෙලයි තියෙන්නේ. ඒත් පහු‍ගිය දවසක පත්තරේක තිබුන ලිපියක් නිසා මේ ටික ලියන්නම හිතුනා.

ගිය සුමානේ දිනපතා පත්තරේක තිබුනා, මේ දේශපාලනය කියන 'රස්සාව', එහෙම නැත්නම් 'බිස්නස්' එක කරන 'උතුමාණන් වහන්සේලා' ලක්ෂ 50කට රක්‍ෂණය කරන්න 'අමාත්‍ය මණ්ඩල' අනුමැතිය ලැබුනාය කියලා. ඒ එයාලට ත්‍රස්තවාදීන්ගේ මරණ තර්ජන තියෙන නිසාලු. තමන්ට තර්ජන තිබෙනවා කියලා, තමන් විසින්ම රක්‍ෂණ අාවරණයක් ලබාගන්න තීරණය කරලා, ඒකට තමන් විසින්ම අනුමැතියත් ලබාදීලා! හැබැයි රක්‍ෂණ අාවරණය ගන්නේ තමන්ගේ සල්ලි වලින් නෙමෙයි. ඒක විතරක් අාණ්ඩුව ගානේ. හහ්.. නරකම නෑ වැඩේ!!

එතකොට ලංකාවේ ත්‍රස්තවාදීන්ගෙන් මරණ තර්ජන තියෙන්නේ ඒ උතුමාණන්ලාට විතරද? උතුරේ කොටි එක්ක යුද්ධ කරන ත්‍රිවිධ හමුදාවේ සහෝදර සහෝදරයින්ට ඔය කියන ත්‍රස්තවාදී තර්ජන නැත්ද? මායිම් ගම්මාන වල ඉන්න අහිංසක ජනතාවට ඔය තර්ජන නැත්ද? ඒ අහිංසකයින්ට ඔය කියන රක්‍ෂණ අාවරණ අකැපද?

අනිත් කාරණාව මේ උතුමන්ලාට මරණ තර්ජන තියෙන්නේ රටේ සාමාන්‍ය ජනතාවගේ වැරැද්ද නිසාද? ඔය කියන උතුමන්ලාම අවුරුදු විසිගානක් තිස්සේ කරපු 'දේශපාලනය' නිසාම නෙමෙයිද ඔය තර්ජන අැතිවෙලා තියෙන්නේ? මම එහෙම අැහුවේ ඔය රක්‍ෂණ අාවරණය සඳහා අාණ්ඩුව වියදම් කරන්නේ මහජනතාවගේ සල්ලි නිසයි. අනේ හැබෑටම මුලු රටක ජනතාවකට පහසුකම් සලසන්න තියෙන සල්ලි, දේශපාලන ලොකු පුටුවල ඉන්න කීපදෙනෙක් වෙනුවෙන් වියදම් කරන්න මුන්ට ලැජ්ජාවක් නැති හැටි!!

මේ රක්‍ෂණ අාවරණයට අහු නොවෙන, ඒත් සැබැවින්ම මේ රක්‍ෂණ අාවරණය ලැබිය යුතු තවත් වටිනා පිරිසක් ඉන්නවා. ඒ තමයි ඔය උතුමාණන් වහන්සේලාට අාරක්‍ෂාව සපයන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්. ත්‍රස්තවාදී තර්ජන තියෙන මැති අැමැතිවරු අාරක්‍ෂා කරන අාරක්‍ෂක භටයින්ට ඔය කියන ජාතියේ රක්‍ෂණ අාවරණයක් අරන් දෙන්න තරම් උවමනාවක් අපේ දේශපාලන ලොක්කොන්ට නැහැ. බැරිවෙලා හරි ඒ අාරක්‍ෂක භටයෙකුට අනතුරක් උනොත් ‍රුපියල් ලක්‍ෂයක් හමාරක් දීලා අැඟ බේරගන්න පුලුවන් නිසා වෙන්න අැති ඒ. පසුගිය කාලේ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මිය ගිය අමාත්‍යවරයකුගේ අාරක්‍ෂක නිලධාරීන්ට සිද්ධ උනේ ඔය ටිකමනේ.

අපේ අාච්චි කියනවා වගේ, මෙව්වා ගැන කතා කරනවට වැඩිය හොඳයි කට බිම උලා ගන්නවා. ඒත් ඉතිං අැස් කන් පියාගෙන අැටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ මේ නාටක දිහා හැමදාම බලාගෙන ඉන්න පුලුවන්ද?

Sunday, February 24, 2008

කසුන් කල්හාර

අද උදේ ගුවන් විදුලියට කන් දීෙගන ඉන්න ගමන් ලස්සන සින්දුවක් අැහුනා. "මීදුම් දුමාරයේ... සීතල හැන්දෑ යාමේ..." බොහොම ලයාන්විත ඒත් සෘජ‍ු පිරිමි කටහඬකින් ගැයුනු ඒ ගීතය කාෙගද කියලා අඳුන ගන්න අමාරු උනේ නැහැ. කසුන් කල්හාර තමයි ඒ ගීතය ගායනා කරේ. කසුන්ගේ අනිත් හැම හැම ගීතයක වගේම මේ ගීතයෙත් බොහොම ඉහල සංගීත සංයෝජනයක් තිබුනා. කොටින්ම කියනවනම් ඒ ගීතයෙත් 'කසුන් කල්හාර' ලකුණ තිබුනා.

"මීදුම් දුමාරයේ" පද රචනය කාෙගද කියලනම් හොයාගන්න බැරි උනා. කාෙග උනත් බොහොම ස‍න්දර වගේම අර්ථවත් පද අැමුණුමක් ඒ ගීතයෙ තිබුනා. කොහොමත් කසුන් කල්හාර දැන් ඉන්න බොහොමයක් නවක ගායක ගායිකාවන් වගේ අරුත් සුන් 'සින්තටික්' සින්දු කියන්නේ නැහැනේ. කසුන් ගැන වචනයක් ලියන්නම ඕෙන කියලා හිතුනේ ඔන්න ඔය හේතුව නිසාම තමයි. ගීත වල විතරක් නෙමෙයි පුද්ගලිකවත් කසුන් තුල මේ වියත් බව පේන්න තියෙනවා. විශේෂයෙන් සම්මුඛ සාකච්චා වලට අාවහම කසුන් වෙනත් අාධුනිකයින් වගේ 'පොර ටෝක්ස්' දෙන්නේ නෑ. හැබැයි තමන්ට කියන්න ඕන දේ එලිපිටම කියනවා. අැත්තටම කසුන් වගේ නිර්ව්‍යාජ, පොලොවේ පය ගහලා ජීවත් වෙන අය කෙලින් කතා කරන්න බය වෙන්න ඕනෙ නැහැ.

බොලඳ පද රචනා රැගත්, අඩ නිරුවත් රූප රචනා සහිත (ගීතය ජනප්‍රිය කිරීමට යොදාගත්), ඉංග්‍රීසි හෝ සිංහල රැප් කෑල්ලක් දාගත්ත, නිර්මාණාත්මක සහ අර්ථාන්විත බවින් තොර "බොම්බයි මොටයි" ගීත බිහිවන අද කාලේ, කසුන් කල්හාර වැනි අයගේ නිර්මාණ, කතරට වැහැපු වැස්සක් වගේ. හැබැයි මේ නිරුදක කතර කෙම් බිමක් වෙන්න නම් ඒ වැස්ස දිගටම වහින්න ඕනෙ.

Thursday, February 21, 2008

ජාත්‍යන්තර මව් භාෂා දිනය.

ඊයේ ජාත්‍යන්තර මව් භාෂා දිනය. කාලෙකට පස්සේ ලංකාවේ ගොඩ දෙනෙක්ට - විශේෂයෙන් විද්වත් අයට - තමන්ගේ මව් භාෂාව සිංහල බව මතක් වෙලා. උදේ ඉඳන්ම මව් භාෂාවේ අගය ගැන, වටිනාකම ගැන මොරදෙනවා. ඒත් ඒ ගොඩදෙනෙකුට අද වෙනකොට ඊයේ කියවපුවා අමතක වෙලා. පෞද්ගලික එෆ් එම් නාලිකා ව‍ලටත් හදිස්සිෙයම මව් භාෂාෙව් වටිනාකම මතක් වෙලා. වෙනදා මව් භාෂාව අනුභව කරන ඒ ගොල්ලෝ ඊයේ විශාල දුකකින් කතා කරේ භාෂාවේ පරිහානිය ගැන... කාට කියන්නද ඉතිං මෙව්වා.

අැත්තටම ලංකාෙව් ඉන්න ගොඩ දෙනෙකුට වඩා තමන්ගේ මව් බස ගැන අවංක කැක්කුමක්, අාදරයක් තියෙන්නේ පිට රට වලට ගිහිං ඉන්න සිංහල අයට තමයි. පිට රටවල් වලදි තමන්ෙග් මව් භාෂාවෙන් කතා කරන්න ඒ උදවිය ගොඩාක් කැමතියි. හැබැයි ඔය අතරේ ඒරොප්පෙට පය ගහපු ගමන් තමන්ගේ මව් භාෂාව විතරක් නෙමෙයි ගම රට පවා අමතක වෙන 'කලු සුද්දෝ' නැතු‍වම නෙමෙයි.

හැබැයි ලංකාවේ නම් ඉතිං දැන් සිංහලෙන් කතා කරන එක ටිකක් ලැජ්ජාවට කාරණයක් වේගෙන තමයි එන්නේ. බොහොමයක් පෞද්ගලික අායතන වල වගේම රාජ්‍ය අායතන වලත් කතාව ඉංග්‍රිසියෙන් විතරයි.ඒක නරකම නැහැ. ඒත් කොයි වෙලෙත් කඩුව වනන්න ඕනෙ නැහැනෙ. අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු වලදි අැරෙන්න නිතර දෙවේලේ ඉංග්‍රිසියෙන් කතා කරන එක මෝස්තරයක් වෙලානෙ. ඕකට ප්රධානම හේතුව තමයි පරගැති මානසිකත්වය. ජර්මනිය, ජපානය, ඉතාලිය, ප්රංශය වගේ රටවල් වල ඔය පරගැති මානසිකත්වය නැහැ. ඒක නිසාම ඒ රටවල් වල ප්රධාන භාෂාව තමන්ගේ මව් භාෂාව මිසක් ඉංග්රීසිය නෙමෙයි.

අපේ රටේ ඉන්න සමහර භාෂා විශාරදයින්, මහාචාර්ය වරු පවා තමන්ගේ ගොඩාක් පොත්, ලිපි ලේඛණ ලියන්නේ ඉංග්රිසියෙන්. මටනම් තේරෙන්නේ නැහැ ඒ මොන හේතුවක් නිසාද කියලා. හැබැයි ඒ බොහොමයක් මහාචාර්ය වරු ගොඩාක් කල් පිට රට වල වාසය කරපු උදවිය. බාගෙ වෙලාවට ඒ හින්දා වෙන්න අැති ඉංග්රිසියෙන් පොත් ලියන්නේ. අපිට ඉතිං ඒ පොතක් කියවන්න ඒකෙ සිංහල පරිවර්ථනයක් නිකුත් කරනකම් බලං ඉනින ඕනෙ. ගිය සුමානේ සති අන්ත පත්තරේක එක්තරා මහාචාර්ය තුමෙක් කියලා තිබුනා ලංකාවේ ගොඩක් විද්වතුන් ඉංග්රිසියෙන් පොත් ලියන්නේ තමන්ගේ අදහස් ජාත්යන්තරයට යවන්න ඕන නිසා කියලා. ඉතිං ඔය මහා අදහස් ටික සිංහෙලන් ලියලා ඒකෙ පරිවර්ථනයක් රට යවන්න බැරිද? තමන් ලියන පොත්, තමන් උපන්, උගත් තමන්ගේ මව් රටට වඩා පිට රටට යවන්න දඟලන මේ වගේ 'උතුමන්'ලා ගේ පහත් පරගැති මානසිකත්වය පැහැදිලියිනේ. අනේ උන්ගේ මහ ලොකු අමන පොත් අපිට නැතුවට කමක් නැහැ.

Monday, February 18, 2008

ලංකාෙව් පෞද්ගලික ගුවන්විදුලි නාලිකා.

ඔන්න ඉතිං හා හා පුරා කියලා මමත් අන්තර්ජාලයට මගේ අදහස් ඉදිරිපත් කරන්න යනවා. ෙම්ක අලුත් අත්දැකීමක් වෙග්ම විශාල අාඩම්බරයකුත් ෙගන ෙදන වැඩක්. ෙමාකද මම මගේ අදහස් ඉදිරිපත් කරන්ෙන් මගේ මවු භාෂාෙවන්. ඉතිං සිංහලයෙක් විදියට මට සෑෙහන්න අාඩම්බරයි ඒ ගැන.

මීට අවුරුදු කීපයකට කලින් මගේ හිෙත් විශාල කනස්සල්ලක් තිබුනා. ඒ ලංකාෙව් තිෙයන සිංහල ගුවන්විදුලි නාලිකා වලින් ලස්සන සිංදු අැෙහන්ෙන් නැති එක ගැන. මම ලස්සන සිංදු කියලා අදහස් කරේ පණ්ඩිත් අමරදේව, වික්ටර් රත්නායක, ගුණදාස කපුෙග්, සුනිල් එදිරිසිංහ සහ නන්දා මාලණී වැනි මහත්ම මහත්මීන්ෙග් හරවත්, රසවත් ගීත. ෙම් කනස්සල්ලට තවත් ෙහ්තුවක් උනා පෞද්ගලික ගුවන්විදුලි නාලිකා වල භාවිතා කරපු භාෂා ශෛලිය සහ ඉතාමත් පහත් ෙපලේ වැඩසටහන්. රූපවාහිනී නාලිකා වල විකාශනය ෙවන ඉන්දියානු අාභාශය තිෙයන ෙගාන්පාට් බලන්න බැරි නිසා ෙර්ඩිෙයා්ව දාගත්තම ඒක ඊට එහා!

ඒ ෙකාෙහාම උනත් මෑතක ඉඳලා මම ෙම් කියාපු කනස්සලු ගතිය ටිකින් ටික මග අැරීෙගන යනවා. ඒ අපිට "දිරවන" ගුවන් විදුලි නාලිකා කීපයක් අලුතින් අාරම්භ ෙවච්ච නිසා. ෙම් අලුත් "සංවර"
ගුවන් විදුලි නාලිකා අතරින් ඉදිරිෙයන්ම ඉන්ෙන් 'රංගිරි ශ්‍රී ලංකා' ගුවන් විදුලි ෙස්වයයි. රංගිරි ශ්‍රී ලංකා වැනි ගුවන් විදුලි නාලිකාවක් සෑෙහන කාෙලක ඉඳලා ලංකාවට අත්‍යවශ්‍ය ෙවලා තිබුෙන. ෙලා්ෙක් ෙගාඩක් රටවල් වල අනිත් හැම අාගමකම ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා තියනවා. ඒත් අෙප් ලංකාෙව් එෙහම ෙදයක් තිබුෙන් නැහැ. තිබුෙන් බෞද්ධ පුවත්පත් පමණයි. රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලි නාලිකාෙවන් සහ රූපවාහිනී නාලිකාෙවන් ෙම් අඩුව සමපූර්ණෙයන්ම වාෙග් නැතිකරලා තියනවා. රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලි නාලිකාෙව් වැඩ කරන නිෙව්දක නිෙව්දිකාවන්ෙග් භාෂාවත් ඔවුන් ඉදිරිපත් කරන වැඩසටහනුත් ඉතාම ඉහල ප්‍රමිතිෙයන් සහ ගුණාත්මක බවින් පරිපූර්ණයි. ෙබාෙහාමයක් පෞද්ගලික ගුවන්විදුලි නාලිකා වල වසංගතයක් ෙවලා තිබුන භාෂාව 'කෑෙම්' ෙරා්ගය රංගිරි ගුවන්විදුලි ෙස්වයේ නිෙව්දක නිෙව්දිකාවන්ට නම් වැලඳිලා නැහැ. ඒ ගැන පූජ්‍ය ඉනාමලුෙව් ශ්‍රී සුමංගල හිමියන්ට බෙහෙවින් ස්තුතිවන්ත ෙවන්න ඕෙන.

ෙම් අතරට තවත් ගුවන් විදුලි නාලිකා කීපයකුත් අලුතින් එකතු උනා. ඒ සියත ගුවන් විදුලිය සහ වී එෆ් එම් ගුවන් විදුලියයි. අෙප් ලක්හඬ ගුවන් විදුලියත් ෙම් අතර ඉන්න බව කියන්නම ඕෙන. හැබැයි ලක්හඬේ වැඩකරන අලුත් නංගිලා මල්ලිලාෙග් දැනුම මදිකම සහ පරිනත බවින් අඩුකම නිසා ෙගාඩාක් අඩුපාඩු සිද්ද ෙවනවා. ෙම් ලඟදි දවසක ලක්හඬේ මල්ලි ෙකනෙක් ගලේෙවල පැත්ෙත් ඉඳන් සජීවී වැඩසටහනක් ඉදිරිපත් කරා. ෙම් වැඩසටහනට තමන්ෙග් අදහස් දක්වන්නට අාවා 'ගාමා ගාමිණී' මහත්මයත්. කවුද ෙම් ගාමා ගාමිණී කියලා අමුතුෙවන් කියන්න ඕෙන නැහැෙන්. ඒත් ලක්හඬේ වැඩසටහන ෙමහෙයවපු මල්ලී ෙම් ගාමිණී මහත්මයා ගැන දන්ෙන් නැහැ. ෙකාෙහාමහරි ගාමිණී මහත්මයා ලක්හඬ ගැන තමන්ෙග් අදහස් ඉදිරිපත් කරා. අන්තිෙම්දී එතුමා කිව්වා "හැබැයි ලක්හඬ නාලිකාෙව් සමහර වැඩසටහන් ගැන අෙප් වැඩි ප්‍රසාදයක් නැහැ. විෙශ්ෂයෙන්ම සිංදු ශ්‍රී ලංකා වැඩසටහන සහ ඒක ෙමහෙයවන නිෙව්දකයින්ෙග් භාෂා ශෛලියට අෙප් වැඩි ප්‍රසාදයක් නැහැ" කියලා. අෙන් ඉතින් ෙම් ලක්හඬේ අෑෙයා ෙමාකද දන්නවද කරේ, දඩස් ගාලා එතුමාෙග් කතාව නවත්තලා දැම්මා. සැලුන් එකක ෙකාණ්ෙඩ කපාගන්න ගමන් ෙම්ක අහගෙන හිටපු මාව ගැස්සිලා ගියා. අෙන් ෙම් අපේ ලක්හඬ ෙන්ද කියලා.

ඊෙය් හවස ෙකාළඹ ෙජා්න් ද සිල්වා
ඟහලේ හරිම ෙසාඳුරු ප්‍රසංගයක් පැවැත් උනා. ඒ අෙප් වික්ටර් රත්නායක මහත්මයගේ 'ගෑණු ලමයිෙන්' සංගිත ප්‍රසංගය. වික්ටර් රත්නායක මහත්මයගේ සංගීත දිවියට හතලිස් වසරක් පිරීම සහ එතුමාෙග් හැට හය වැනි ජන්ම දිනය නිමිති කරෙගනයි ෙමම සංගීත ප්රසංගය පැවැත් උෙන්. මම කලින් කියපු සියත ගුවන් විදුලිෙයන් තයි ෙමම වැඩසටහන සංවිධානය කරලා තිබුෙන්. ඒකට නම් සියත කාර්ය මණ්ඩලයට පිං සිද්ධ ෙවන්න ඕෙන. ෙම් සියත නාලිකාවත් අෙප් කනට දිරවන ගුවන් විදුලි නාලිකාවක්. ෙවන කිසිම ගුවන් විදුලි නාලිකාවකින් අැෙහන්නේ නැති ෙගාඩාක් පරණ ගීත පවා සියත නාලිකාෙවන් ප්රචාරය කරනවා. ඒ වෙග්ම ෙබාෙහා්ම හරවත් ෙවනත් වැඩසටහනුත් සියෙතන් ඉදිරිපත් කරනවා. ෙකළවරක් නැතිව එක දිගට යන ෙවලඳ දැන්වීම් නැතිකමත් සියතේ විෙශ්ෂ ලක්ෂණයක්. ෙවලඳ දැන්වීම් නැතුවම ෙනාෙවයි. නමුත් පාලනයකින් යුතුවයි ඒවා ප්රචාරය කරන්නේ.

මම ෙම් කියපු සියලුම ගුවන් විදුලි නිලිකා අතරින් රසවත් බවින් සහ හරවත් බවින් ඉන්න
ගුවන් විදුලි ෙස්වයක් තමයි වී එෆ් එම් ගුවන් විදුලි ෙස්වය. වී ගුවන් විදුලිෙයන් පරචාරය ෙවන්ෙන් පද රචනයෙන් සහ සංගීතයෙන් ෙබාෙහාම ඉහල ප්රමිතිෙය් ගීත පමණයි. ෙකාටින්ම කියනවනම් මෑතකදි බිහිෙවච්ච කසිකබල් හචා සිංදු වී එෙක් ප්රචාරය ෙවන්නේ නැහැ. වී නාලිකාෙව් තවත් විෙශ්ෂ ෙදයක් තමයි හැම ගීයකටම පස්සේ ඒ ගීතයේ පද රචනය, සංගීතය සහ ගායනය සඳහා දායක වූු ශිල්පීන්ෙග් නම් ප්රචාරය කිරීම. අැත්තටම ඒක ෙවනත් ෙබාෙහාමයක් ගුවන් විදුලි නාලිකා වලින් සිදු ෙනාෙවන ෙදයක්. අනිත් එක වී ගුවන් විදුලිෙය් ප්රචාරය කරන වැඩසටහනුත් ඉතා ඉහල තත්වයේ කාලීන වැඩසටහන් බව ෙනාකියම බැහැ. සතිෙය් දිනවල උෙද්ට යන '8-10' කථිකාවත්, ෙසනසුරාදා උෙද්ට යන 'සුලු පැමිණිලි' වැඩසටහනත් ෙම් අතරින් ප්රධාන තැනක් ගන්නවා. හැමදාම හවසට විකාශය වන 'හිත අද්දර' වැඩසටහනත් ෙබාෙහාම අාදරයෙන් සවන් ෙදන්න පුලුවන් වැඩසටහනක්. ඒක ඉදිරිපත් කරන නිෙව්දක ෙසායුරාෙග් කටහඬත් ඉදිරිපත් කරන ශෛලියත් ගීතයක් වගේම මිහිරියි.

මෑතකදි අාණ්ඩුෙවන් ෙම් 'සිල්ලර' ගුවන් විදුලි නාලිකා කීපයක් තහනම් කරපු එකත් ලංකාෙව් ගුවන් විදුලි රසිකයින්ට ෙවච්ච විශාල ෙසතක්. ඒ තහනමින් පස්ෙස් 'කනක් අැහිලා බස් එකක යන්න පුලුවන්' කියලා මිනිස්සු කියනවලු! ෙකාෙහාම උනත් දැන් ලංකාෙව් තිෙයන ෙම් අලුත් ගුවන් විදුලි නාලිකා නිසා මට නම් ෙලාකු සැනසීමක්, සතුටක් තියනවා. හැබැයි ෙපාඩි බයකුත් නැතුවාම ෙනමෙයි. ඒ මම ෙම් කියපු ඉහල රසවත් බවින් යුත් ගුවන් විදුලි නාලිකා දිගටම පවතීවිද කියලා...