Thursday, February 21, 2008

ජාත්‍යන්තර මව් භාෂා දිනය.

ඊයේ ජාත්‍යන්තර මව් භාෂා දිනය. කාලෙකට පස්සේ ලංකාවේ ගොඩ දෙනෙක්ට - විශේෂයෙන් විද්වත් අයට - තමන්ගේ මව් භාෂාව සිංහල බව මතක් වෙලා. උදේ ඉඳන්ම මව් භාෂාවේ අගය ගැන, වටිනාකම ගැන මොරදෙනවා. ඒත් ඒ ගොඩදෙනෙකුට අද වෙනකොට ඊයේ කියවපුවා අමතක වෙලා. පෞද්ගලික එෆ් එම් නාලිකා ව‍ලටත් හදිස්සිෙයම මව් භාෂාෙව් වටිනාකම මතක් වෙලා. වෙනදා මව් භාෂාව අනුභව කරන ඒ ගොල්ලෝ ඊයේ විශාල දුකකින් කතා කරේ භාෂාවේ පරිහානිය ගැන... කාට කියන්නද ඉතිං මෙව්වා.

අැත්තටම ලංකාෙව් ඉන්න ගොඩ දෙනෙකුට වඩා තමන්ගේ මව් බස ගැන අවංක කැක්කුමක්, අාදරයක් තියෙන්නේ පිට රට වලට ගිහිං ඉන්න සිංහල අයට තමයි. පිට රටවල් වලදි තමන්ෙග් මව් භාෂාවෙන් කතා කරන්න ඒ උදවිය ගොඩාක් කැමතියි. හැබැයි ඔය අතරේ ඒරොප්පෙට පය ගහපු ගමන් තමන්ගේ මව් භාෂාව විතරක් නෙමෙයි ගම රට පවා අමතක වෙන 'කලු සුද්දෝ' නැතු‍වම නෙමෙයි.

හැබැයි ලංකාවේ නම් ඉතිං දැන් සිංහලෙන් කතා කරන එක ටිකක් ලැජ්ජාවට කාරණයක් වේගෙන තමයි එන්නේ. බොහොමයක් පෞද්ගලික අායතන වල වගේම රාජ්‍ය අායතන වලත් කතාව ඉංග්‍රිසියෙන් විතරයි.ඒක නරකම නැහැ. ඒත් කොයි වෙලෙත් කඩුව වනන්න ඕනෙ නැහැනෙ. අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු වලදි අැරෙන්න නිතර දෙවේලේ ඉංග්‍රිසියෙන් කතා කරන එක මෝස්තරයක් වෙලානෙ. ඕකට ප්රධානම හේතුව තමයි පරගැති මානසිකත්වය. ජර්මනිය, ජපානය, ඉතාලිය, ප්රංශය වගේ රටවල් වල ඔය පරගැති මානසිකත්වය නැහැ. ඒක නිසාම ඒ රටවල් වල ප්රධාන භාෂාව තමන්ගේ මව් භාෂාව මිසක් ඉංග්රීසිය නෙමෙයි.

අපේ රටේ ඉන්න සමහර භාෂා විශාරදයින්, මහාචාර්ය වරු පවා තමන්ගේ ගොඩාක් පොත්, ලිපි ලේඛණ ලියන්නේ ඉංග්රිසියෙන්. මටනම් තේරෙන්නේ නැහැ ඒ මොන හේතුවක් නිසාද කියලා. හැබැයි ඒ බොහොමයක් මහාචාර්ය වරු ගොඩාක් කල් පිට රට වල වාසය කරපු උදවිය. බාගෙ වෙලාවට ඒ හින්දා වෙන්න අැති ඉංග්රිසියෙන් පොත් ලියන්නේ. අපිට ඉතිං ඒ පොතක් කියවන්න ඒකෙ සිංහල පරිවර්ථනයක් නිකුත් කරනකම් බලං ඉනින ඕනෙ. ගිය සුමානේ සති අන්ත පත්තරේක එක්තරා මහාචාර්ය තුමෙක් කියලා තිබුනා ලංකාවේ ගොඩක් විද්වතුන් ඉංග්රිසියෙන් පොත් ලියන්නේ තමන්ගේ අදහස් ජාත්යන්තරයට යවන්න ඕන නිසා කියලා. ඉතිං ඔය මහා අදහස් ටික සිංහෙලන් ලියලා ඒකෙ පරිවර්ථනයක් රට යවන්න බැරිද? තමන් ලියන පොත්, තමන් උපන්, උගත් තමන්ගේ මව් රටට වඩා පිට රටට යවන්න දඟලන මේ වගේ 'උතුමන්'ලා ගේ පහත් පරගැති මානසිකත්වය පැහැදිලියිනේ. අනේ උන්ගේ මහ ලොකු අමන පොත් අපිට නැතුවට කමක් නැහැ.

5 comments:

Bo said...

ඇත්තෙන්ම ගොඩක් දේවල් මතක් කර දුන් ලිපියක් කියලා කිව්වොත් නිවැරදියි. සිංහල අමතක කරන්න හදන අයට වඩා සිංහල අමතක කරවන්න හදන අය වැඩියි, අපිට අපේම කියලා අනන්‍යතාවයක් තිබිය යුතුයි. බස නොමරා බස හසුරන පිරිස් බොහෝම අඩුයි.ඔබේ බ්ලොග් සටහන් කියෙව්වේ හිත පිරි සතුටෙන්, ඒ සිංහල ගැන ආඩම්බරයෙන් කියන්න ලියන්න පුළුවන් තවත් එක් මානවයෙක් මුණ ගැසීම ගැන සොම්නසින්.තවත් සටහන් කියවීමට බලාපොරොත්තු වන්නෙමි

සු said...

කතාවට අත් දෙකම උස්සනවා ආයෙ දෙපාරක් නොහිතා.. අගෙයි..
ඒ එක්කම අපි පොඩි වැඩක් කරමුද ,
බස ගැන ලියවුන එකක් නිසා අපි මේකෙ මාතෘකා‍වෙ "භාශාව" කියන වචනේ "භාෂාව" කියලා වෙනස් කරමුද ?
කරන්න තියෙන්නේ ෂිෆ්ට් යතුරත් එක්ක "අයි" අකුර පාවිච්චි කරන්න විතරයි.
ජය !

Uthpala Shyamendra said...

බොහෝමත්ම ස්තූතියි වැරැද්ද පෙන්නලා දීපු එක ගැන. මගේ ලිපි වල අක්‍ෂර වින්‍යාස අඩුපාඩු ගොඩාක් අැති. ඒ වගේ වෙලාවට කරුණාකරලා මට අඩුපාඩුව පෙන්නලා දෙන්න.

:) සිතුවිලි said...

ෂා හරිම අපූරුයි ලිපියනම්, ඇත්තටම සහොදරයට පිං මේ වගේ දෙයක් මේ රටේ ඉන්න කළු සුද්දන්ට පෙන්නලා දුන්නට, ඔක ගැන කතා කරනවනං තව ගොඩක් දේවල් කිව්වැකි, ඔය පොත් ලියන වැඩේ වගේ තමයි , දැං ලංකාවේ හරි ඉහලින් කතා කරනවනේ ඔය සිංහළ මෘදුකාංග,සිංහළ පරිගණක තාක්ෂණය ගැන එහෙම, වැඩේ ගැන නං ඉතිං කතා දෙක් නැ හරි ඉහලයි , හැබැයි තියෙන කනගාටුව ඔව්වා ගැන සාකච්ඡා පවත්වන අපේම සිංහළ උදවිය ඔය සාකච්ඡා පවත්වන්නේ ඉංගිරිසියෙන් වීම තමයි,සිංහලෙන් කතා නොකර සිංහළ දේවල් කොරන්නේ කොහොමද හැබැටම ඇ?

elawmagazine said...

ජාත්‍යන්තර මව් භාෂා දිනය සැමරීමට සිංහලයන් සූදානම්ද?
රටක, ජාතියක මව් භාෂාවට හිමි අසීමිත වටිනාකම සහ වැදගත්කම කොතෙක්ද යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්කෝ(UNESCO) විසින් වර්ෂ 2000 සිට සෑම වර්ෂයකම පෙබරවාරි 21වන දින මව් භාෂා දිනය වශයෙන් පිළිගෙන එය සැමරීම සිදු කරනු ලබයි.
http://www.sinhala.lnwtoday.com/archives/15268