Tuesday, May 18, 2010

උණ.

උණ ගත් විට හරිම අමාරුය. ඇඟට පන නැත. කෑමට පිරියකුත් නැත. උණ ගත් විට ප්‍රතිජීවක හෙවත් ඇන්ටි බයොතික් විශාල ප්‍රමාණයක් බීමට සිදුවේ. එයින් බඩේ දැවිල්ල හෙවත් බඩේ ගෑස් පත්තු වීමට පටන් ගනී. එය තවත් කරුමයකි... උණ වැඩි වූ විට කමිසය ගලවා ෆෑන් එකක් දමා ඇඟට හුලං වැදීමට සලස්වයි. එවිට තද සීතලක් දැනෙන අතර හය වසරේදී මුලින්ම ඉගෙන ගත් කුණු හරුප පවා සිහියට නැගේ. උණ තිබෙන විට ඔෆිස් නොයා යුතුය. මන්ද, උන පිටින් ඒ/සී එකේ ඉන්න එක හරියට ෆිල්ම් හෝල් එකකට ගිහින් හිරිතික් රෝෂන් ඉන්න හින්දි පිචර් එකක් බලනවා වගේ නිසාය. ඊට වැඩි කරුමයක් තවත් නැත. අපේ නංගීට නම් ලේසියෙන් උණ ගන්නේ නැත. ඒ එයාට නිතරම උණ කටු තුන හතරක උණ තිබෙන නිසාය. උණ වැඩි වූ විට කියවීමට පටන් ගන්නවාලු. ඒකට කියන්නේ උණ විකාරෙන් දොඩවීම කියාය. මටත් ටිකක් උණ වැඩියි වගේය.

No comments: